කුමර බඹසර හැඬූදා
**********************
මලානික හද පුරා රැව් වදුන් ප්‍රේමයේ අනුහස සොයා
පලා ගිය මම මුලා වූයෙමි නැවත සොයනා බැරි නියා
දුලා දෙනයන හෙමින් අඩවන් උනා පෙම්බර බස් කියා
නිරාමිස හද උනා මුකුලිත සරා සුමධුර ගී ගයා
අරා අසු මම වැරෙන් සන් කර අනන්තය වෙත ඉගිලුනා
සරා අඩවන් මතින් මත්වුනු ඇගේ නිල් නෙතු පියවුනා
අරා සිහසුන නිදා සිටි රණ හස රැජින මුකුලිතවුනා
එදා මෙතුවක් මා සමග සිටි කුමර බඹසර ගිළිහුනා
නිදා සිටියෙමි ඇගේ උකුලත ගතේ පැහැසර නිවුනුදා
කඳෝපැණියෙකි අතරමන් වුන රාගයේ හිරු පැමිණිදා
බලා සිටියෙමි මගේ දෙස මම මටද මම අහිමිව එදා
හඬා වැටුනෙමි මගේ හිත ළඟ කුමර බඹසර හැඬූදා
නිදා සිටියෙමි ඇගේ උකුලත ගතේ පැහැසර නිවුනුදා