ආදරේට නමක් දෙන්න.............
***********************************
පුංචි හුලංපාරක් මගේ කාමරේ පුරා ඇදිල ගියා.
“මගේ ජීවිතේ මං වැඩිපුරම ආදරේ කාටද දන්නවද”
“නෑ” මම කිව්ව.
“ඒත් ඒ කොහොමද?”මම ඇහුව
“ඇස් වලට කඳුළු එන්නෙ ඇයි ?”එයා මගෙන් අහනව.
“දුකට” ඒ මම
“නෑ සතුටටත් කඳුළු එනව”
“හ්ම්”
පුංවි නිහැඬියාවක්.................................................
“ඔයා දන්නවද කොහේ හිටියත් මට ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් මොකක්ද කියලා.”
“නෑ” ඒ මම
“ආදරේ කරන්න පුළුවං” :)
මම ඇගේ
දෑසට එබුනෙමි.
“අනිමිසලෝචනය කරනවද?”
එය අනන්ත විශ්වයම ඇගේ දෑසින් දැකීමට ගත් උත්සාහයක් වැන්න.
“ඔහොම මගේ ඇස්වලට එබෙන්න එපා”ඇය ඇගේ දෑස් හෙමෙන් මගේ දෑස් වලින් එලියට ගත්ත.
“ඇයි ?” මම ඇහුව.
“දාල යන්න බැරි නිසා..........
............අනෙක......................
........කවදාවත් මගේ කරගන්න බැරි නිසා
මගේ ඇසවලට ඔහොම එබෙන්න එපා”
“අයියේ මේ ආදරයට නමක් දෙන්න.............”